Sunday, September 22, 2024

කොරියා රටින් රැකියා 2017 -භාෂා ප්‍රවීණතා විභාගය ළඟදීම

කොරියා භාෂා විභාගයෙන් සමත් 2,470 දෙනකුට මේ වසරේදී රැකියා අවස්ථාවන් ලබා දෙන්නට කටයුතු කරන බව කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය සඳහන් කරයි.

මේ වසරේ පළමු මාසයේදී පමණක් ශ්‍රී ලාංකිකයන් 231 දෙනකු කොරියා රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයිද එම ආයතනය පවසයි. මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 6,635 දෙනකු 2016 වසරේ දී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

කෙසේ වුවද මෙලෙස කොරියානු රැකියා අපේක්ෂාවෙන් පසුවන සියලු දෙනාටම රැකියා ලබාදීම කොරියානු රජයේ අපේක්ෂාව වී ඇත. මේ වසරේ දී සාමාන්‍ය විභාගය හැරෙන්නට විශේෂ පරීක්ෂණයක් නොපැවැත්වෙන බවද විශේෂ පරීක්ෂණය පවත්වන්නේ කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් යළි පැමිණි පුද්ගලයන් වෙනුවෙන් බවද එම ආයතනය පෙන්වා දෙයි.

මෙලෙස දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිෂ්පාදන, ධීවර, කෘෂිකර්ම සහ සේවා අංශයන්හි රැකියා ලබා ඇති අතර විභාගය සමත්වූවන් රැකියා සඳහා කොරියානු රජය විසින් වසර දෙකක කාලසීමාවක් ඇතුළත බඳවා ගන්නා බවද කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානී ශානුකා වත්සලා මහත්මිය ප්‍රකාශ කළාය.

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයෙන් සමත්ව මේ දක්වා රැකියා සඳහා පිටත්ව නොගිය ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේදී කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට අවස්ථාව සැලසෙනු ඇතැයි ඒ මහත්මිය විශ්වාසය පළකළාය. දකුණු කොරියානු රජය මඟින් පවත්වනු ලබන කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයෙන් සමත්වන ශ්‍රී ලාංකිකයන් සඳහා එරට රැකියා අවස්ථා හිමිවන බව පෙන්වාදුන් ඒ මහත්මිය කොරියානු රැකියා සහ කම්කරු අමාත්‍යාංශයේ අධීක්ෂණය මත කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ මෙහෙයවීමෙන් කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය පවත්වන බවද සදහන් ක‍ළාය. මේ අතර ඇය පෙන්වා දුන්නේ මේ සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහාය ලබාදෙන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles