Thursday, January 23, 2025

කොරෝනාවට ගෙවුණු අවුරුදු දෙක ජනපතිට යළි දිය යුතුයි – ඩයනා කියයි!

මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම කොවිඩ් වසංගතය හේතුවෙන් කළ නොහැකි වූ බැවින් ජනාධිපතිවරයාගේ සහ වත්මන් ආණ්ඩුවේ ධුර කාලය දීර්ඝ කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මේ නිසා ජනාධිපතිවරයාට තවත් වසර දෙකක් ලබාදිය යුතු බවත් වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කළයුතු බවත් මන්ත්‍රීවරිය සඳහන් කරනවා.

ඊයේ පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

කොවිඩ් වසංගතය නොතිබුණේ නම් ගත වූ වසර දෙක තුළ වත්මන් ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් විශාල වැඩ කොටසක් සිදු කිරීමට අවස්ථාව තිබූ නමුත් කොවිඩ් වසංගතය ඒ සියල්ල අහිමි කළ බව පෙන්වා දෙන ඩයනා ගමගේ මහත්මිය පවසන්නේ රාජපක්ෂවරුන් බලයේ සිටි සෑම වකවානුවකම රටට විශාල වැඩ කොටසක් සිදු වූ බවයි. කොවිඩ් වසංගතය නොතිබුණේ නම් මේ වනවිට රටපුරා අධිවේගී මාර්ග පද්ධතිය අවසන් කිරීමට නියමිතව තිබූ බවද ඇය සඳහන් කරනවා.

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බවද ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles