Friday, September 20, 2024

කොරෝනාවෙන් දිනකට 250 ඉක්මවා මැරෙනවා – ආසාදන වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවමින් – GMOA

මෙරට දිනකට කොරෝනා ආසාදන වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවමින් ඇති බවත් මියයන සංඛ්‍යාව 250 ඉක්මවා ඇති රෝහල්වලින් නිල නොවන වාර්තා ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ වෛරස ඉතාම වේගවත්ව පැතිරෙන නිසා ඉදිරි දින කිහිපය තුළ මෙම සංඛ්‍යා දෙගුණ තෙගුණ විය හැකි බවයි.
මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා එන්නත් ලබා දිය යුතු ප්‍රමුකතා ලැයිස්තුවක් තම සංගමය ඉදිරිපත් කර ඇතත් බාහිර පිරිසකගේ බලපෑමෙන් එය හරියාකාරව සිදු නොවන බවටද ඔහු චෝදනා කරයි.
එන්නත් කරණයන් නිවැරදි ක්‍රම වේදයකට සිදුකලේ නම් සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය ජනගහනයෙන් 45%කට ළඟා කර ගැනීමට හැකියාව තිබෙන බවත් මියයන සංඛ්‍යාව ද අඩුවන බවත් ඔහු තවදුරටත් පැවසීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles