Tuesday, December 24, 2024

කොරෝනාවෙන් බෙිරෙන්න මිලදී ගත යුතු ඖෂධ දෙකක් ගැන සජිත් කියයි

ඇමරිකා එක්සත් ජනපසයේ ආහාර සහ ඖෂධ පාලන ෆෙඩරල් නියෝජිතායතනය (Food and Drug Administration – FDA) විසින් අනුමත කරන ලද හදිසි ප්‍රතිචාරය සඳහා භාවිතා කරන ඖෂධ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයේ අවධානය යොමුකර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ බරපතල තත්ත්වයන් දක්වා කොවිඩ් රෝග තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් සහිත, සුළු හා සාමාන්‍ය රෝග තත්ත්වයන් හි පසුවන කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඇමරිකානු FDA ආයතනය විසින් අනුමත කරන ලද Casirivimab හා Imdevimab යන ඒකක්ලෝනීය ප්‍රතිදේහ සාර්ථකව යොදා ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් ගේ මතය විමසා බැලීමෙන් අනතුරුව මෙම ඖෂධ ශ්‍රී ලංකාවේ මතුව ඇති කොවිඩ් තත්ත්වය හමුවේ රෝග පාලනය කිරීම සහ එමඟින් මිනිස් ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමට යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමුකරන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටී.

“ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලන ෆෙඩරල් නියෝජිතායතනය විසින් බරපතල තත්ත්වයක් දක්වා කොවිඩ් රෝග තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් සහිත, සුළු හා සාමාන්‍ය මට්ටමේ රෝග තත්ත්වයන්හි පසුවන කොවිඩ් රෝගීන් වෙනුවෙන් REGEN-COV සන්නාම නාමය යටතේ නිෂ්පාදිත Casirivimab හා Imdevimab යන ඒකක්ලෝනීය ප්‍රතිදේහ හදිසි භාවිතය සඳහා අවසර ලබාදී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ සිටින මාගේ මිතුරන් මා හට පවසන්නේ රෝගය උත්සන්න වීම වැළැක්වීම මඟින් බොහෝ දෙනෙකුගේ ජීවිත බේරා දුන් ආශ්චර්යමත් ඖෂධයක් ලෙස මෙය සැලකෙන බවයි

එම නිසා ශ්‍රී ලංකා රජය විසින් අදාළ විශේෂඥයින්ගේ අදහස් ලබාගෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මෙම ජීවිතාරක්‍ෂක ඖෂධය මිලදී ගැනීමට කටයුතු කිරීම ඥානාන්විත වනු ඇත,”යනුවෙන් ඒ මහතා සිය ට්විටර් පණිවිඩයේ දක්වා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles