Wednesday, January 15, 2025

කොරෝනා ආසාදිතයින් ඉහළ යාමත් සමඟ ICU සහ ඔක්සිජන් අවශ්‍යතාව වැඩිවෙයි

දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළයාමත් සමඟ රෝගීන් සඳහා ඔක්සිජන් භාවිතයේ සුළු වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරනවා. 

දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළ ගියහොත් ඔක්සිජන් භාවිතයද ඉහළ යාහැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

මේ වන විට කොවිඩ් රෝගීන් සඳහා වෙන් කළ ඇඳන් 14,599 න් ඇඳන් 4,790 ක කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන අතර මේ දක්වා දැඩි සත්කාර ඒකකවල ඇඳන් 61 ක කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

දැඩිසත්කාර ඒකකවල තදබදය සහ ඔක්සිජන භාවිතය ඉහළයාම අවම කරගත හැක්කේ එන්නත්කරණයෙන් පමණක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඊයේ දිනයේද මෙරටින් කොරෝනා ආසාදිතයින් 827 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles