Saturday, September 21, 2024

කොරෝනා ආසාදිත වූ දරුවන්ට වැළදෙන MIS – C නම් රෝගය

කොරෝනා වැළදී සති 02 ත් 06 ත් අතර කාලයකට පසුව විශේෂයෙන් දරුවන්ට වැළදෙන MIS – C නම් රෝගී තත්වය මේ වන විට දිවයින පුරා විවිධ ප්‍රදේශවලින්ම වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට එම රෝගී තත්වයෙන් පෙලෙන ළමුන් 04 දෙනෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
මේ අතර අලුතින් ඉපදෙන බිලිදුන් සදහාද මෙම රෝගී තත්වය මතුවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බවද වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා කියා සිටියා.

නිසි ප්‍රතිකාර ලබා ගතහොත් මෙම රෝගී තත්වයෙන් සම්පූර්ණ සුවය ලබාගත හැකි බවද නලින් කිතුල්වත්ත මහතා සදහන් කළා.

කොරෝනා අසාදිත දරුවන් දැඩි සත්කාර ඒකකයේ මේ වන විට උපරිම ප්‍රමාණයකින් සිටින බැවින් වෛරසය ආසාදිතව අසාධ්‍ය මට්ටමේ සිටින තවත් දරුවකු භාර ගැනීමට නොහැකි මට්ටමක් ඇති උදා වී ඇති බවද වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles