කොරෝනා වෛරසය සඳහා භාවිත කරන එන්නත් මාත්‍රා මිලියන 25ක් පමණ මිලට ගැනීමට ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව මෙරටට ණය මුදලක් ලබා දී තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 84 ක් වන එහි පළමු වාරිකය සැපයීමට මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව ලේඛන හුවමාරු කරගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශයෙන් වාර්තා වේ. අවශ්‍යතාව පරිදි මෙම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 200 දක්වා වැඩි කරගත හැකිවනු ඇති බවද පැවසේ.
මෙරටට කොවිඞ් එන්නතක් ගෙන්වීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා කරන බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ද පවසයි.
කොවිඞ් එන්නතක් ලබා ගැනීම සඳහා වන සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම මේ වන විට රජය ආරම්භ කර ඇත.