Monday, September 23, 2024

කොරෝනා එන්නතට එරෙහිව නවසීලන්ත වැසියන් පර්ලිමේන්තුව වටලයි

දහස් සංඛ්‍යාත් පිරිසක් නවසීලන්ත රජය පනවා ඇති කොරෝනා මර්ධන එන්නත්කරණ රෙගුලාසි සහ සංචරන සීමාවලට විරෝධතාවය පළකරමින් එරට පාර්ලිමේන්තු ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

සැලකිය යුතු කාලය පුරාවට සාර්ථකව කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට සමත්වූ නවසීලන්තය තුල පසුගිය කාලය තුල සීඝ්‍රයෙන් වෛරසය පැතිරයාමත් සමඟ එරට රජය විසින් දැඩි සංචරණ සීමා පැනවීමත් එන්නත්කරණය සම්බන්ධයෙන් පැනවීට පියවර ගනු ලැබීය.

නවසීලන්ත රජයේ මෙම තීරණ සම්බන්ධයෙන් එරට ජනතාව තුල විශාල අප්‍රසාදයක් මේ වන විට ඇතිව ඇත අතර පාර්ලාමේන්තුව ඉදිරියේ පැවති විරෝධතාවට එක්වූවන් එන්නත්කරයට එරෙහි විරෝධතා පාඨ සඳහන් පුවරුද ඇතැතිව සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතාවය හේතුවෙන් එරට පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක් යෙදවීමටද ආරක්ෂක අංශ පියවරගෙන තිබූ බවට වර්තාවේ. මෙම විරෝධාතවයට එක්වූ බොහොමයක් දෙනා මුඛ ආවරණද නොමැතිව එක්ව සිටි බවට සඳහන්ය.

එහිදී ඇතැම් පිරිස් ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහය පළකරණ පුවරුදු ප්‍රචාරය කර ඇති අතර බොහොමයක් දෙනා සිය කැමත්තෙන් තොරව බාහිර ද්‍රව්‍යක් සිය ශරීරය තුලට ඇතුලත් කරගැනීමට තමන් අකමැති බවට තරයේ ප්‍රකාශ කර තිබේ.

ඇතැමුන් එහිදී නවසීලන්ත වැසියන් පරීක්ෂණාගාර මීයන් නොවන බවත් එබැවින් තමන්ට එන්නත් ලබා ගැනීමට අවශ්‍ය නොවන බවද මාධ්‍ය විසින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසූ පරිදිම ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවටද ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.

කෙසේ වෙතත් ලොව අඩුම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවන රටවල් අතරට තවමත් නවසීලන්තය ඇතුලත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles