ඔමික්‍රෝන් නිසා කොරෝනා එන්නත අනිවාර්ය කරන්න – PHI සංගමය ඉල්ලයි

0
281

ඔමික්‍රොන් නව ප්‍රභේදය ආසාදිත කාන්තාවක් මෙරටින් වාර්තා වීමත් සමඟ එන්නත්කරණය අනිවාර්ය කිරීමට අදාළ නීති ගෙන ආ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එසේම සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියේ, කොරෝනා රෝග ලක්ෂණ පවතින්නේ නම් ඒ පිළිබදව දැඩි අවධානය යොමු කරන ලෙසටයි.

තවත් කොරෝනා ආසාදිතයින් 746 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 567,682ක් දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 04 දෙනෙකු විදේශයන් හි සිට මෙරටට පැමිණි අය වනවා.

නව මරණ 21ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 14,461ක් ලෙසයි.

මේ අතර, මෙරට එන්නත්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිල දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 1,343,160ක් ඊයේ පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබුවා.

කෙසේ වෙතත්, ඔමික්‍රොන් නව ප්‍රභේදය ආසාදිත කාන්තාව එන්නත්කරණයට ලක් නොවීම සහ බොහෝ පිරිස් එන්නත්කරණයට ලක් නොවීම නිසා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.

එසේම රෝග ලක්ෂණ පවතින්නේ නම්, කඩිනමින් ඒ පිළිබදව අවදානය යොමු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here