කොරෝනා කියන්නේ සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි රෝගයක්

0
286

කොරෝනා වෛරස යනු සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයක් බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහති.

නමුත් මෙය දරුණු වූවොත් නිවුමෝනියා තත්වයට පත් වන බවත් නියුමෝනියා රෝගීන්ටද දේශීය ප්‍රතිකාර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

ශ‍්‍රී ලංකා දේශීය වෛද්‍ය සංගමය සභාපති ධුරයද දරන උන් වහන්සේ පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසයෙන් බේරීමට එන්නතට වඩා හොඳ දේශීය ‍ය ක්‍රම ඇති බවය.

නිසි ක්‍රමවේදයකින් තොරව කුඩා දරුවන්ට එන්නත් ලබාදීම භයානක විය හැකි බවත් උන් වහන්සේ කියා සිටිති.

එන්නත ලබා ගනිමින් පසු අතුරු ආබාධ ඇති වූ අයට දේශීය වෛද්‍ය ක්‍රම වෙත යොමු වන්නයි ආරාධනා කරන බව ද උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here