කොරෝනා පනත සංශෝධන සහිතව ඡන්දයකින් තොරව සම්මත වෙයි

0
302

කොරෝනා තාවකාලික විධිවිධාන (2019) පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී අද (17) පස්වරුවේ සම්මත වී තිබේ.

කොරෝනා තාවකාලික විධිවිධාන (2019) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ දවස පුරා පැවති අතර පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු 20 ට වැඩි පිරිසක් විසින් අදහස් දක්වන ලදී.

විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබූවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසිනි.

කොවිඩ් වසංගත තත්වය හමුවේ අධිකරණ කටයුතු යථා පරිදි පවත්වාගෙන යෑම, එවැනි අවස්ථාවලදී අධිකරණ කටයුතු ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීම, සහ ජනතාවගේ ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම යනාදි අරමුණු වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත මඟින් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසෙනු ඇති බව අධිකරණ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here