කොරෝනා පරික්ෂණ අඩු කරන්නැයි ආණ්ඩුවට යෝජනාවක් ඇවිත්

0
292
NewsRadio - Sinhala


Homeදේශීය

“කොරෝනා පරික්ෂණ අඩු කරන්නැයි ආණ්ඩුවට යෝජනාවක් ඇවිත්”

Manoj Dewarajage

by Manoj Dewarajage7 hours ago0SHARES

මෙරට කොරෝනා රෝගීන් හදුනාගැනීම සදහා සිදුකෙරෙන පරීක්ෂණ අඩු කරන්නැයි වසංගත රෝග විද්‍යා අංශයේ ඇතැම් නිළධාරීන් හා ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩුවට යෝජනා කර ඇතැයි වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අදාල යෝජනාව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළහොත් මෙරට කොරෝනා තත්වය බරපතල මට්ටමකට පත්වන බවයි.

එබැවින් කොරෝනා රෝගීන් හදුනාගැනීම සදහා කෙරෙන පරීක්ෂණ ඉහල නැංවිය යුතු අතර, රෝග ලක්ෂණ නොපෙන්වන රෝගින් නිවාස තුළ ප්‍රතිකාර සදහා යොමුකල යුතු බවයි රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ.

විධිමත් සැලැස්මක් තොරව කෙරෙන ලොක්ඩවුන් කිරීම්වල ප්‍රතිඑල අවම බවද රවී කුමුදේශ් මහතා පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here