Saturday, September 21, 2024

කොරෝනා පස්වන කොවිඩ් රැල්ලක් ඇති වීම වළක්වා ගැනීම සදහා GMOA ඉදිරිපත් කළ නිර්දේශ

කොරෝනා පස්වන කොවිඩ් රැල්ලක් ඇති වීම වළක්වා ගැනීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගත යුතු ක්‍රියාමාර්ග රැසක් නිර්දේශ කර තිබේ.

එම නිර්දේශයන් මෙසේය.

1️⃣ රටේ ජනගහනයෙන් 70% කට වඩා පූර්ණ ලෙස එන්නත්කරණය කිරීම සහ පාසල් දරුවන් බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන කමිටුවේ අනුමැතිය හා මාර්ග උපදේශනයන්ට අනුව එන්නත්කරණය කිරීම.

3️⃣ සෞඛ්‍යය උපදේශනයන්ට අනුගත වෙමින් නව ජීවන රටාවක් සඳහා ජනතාව හැඩගැසීම.

4️⃣ එන්නත්කරණයට භාජනය වූ, රෝග ලක්ෂණ නොපෙන්වන වෛරසය සහිත පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සුලභව නව සහ සරල COVID පරීක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීම.

5️⃣ සමාජය තුළින් කොවිඩ් පොකුරු ඇතිවීම හඳුනාගැනීම සඳහා අහඹු නියැදි පරීක්ෂණ විද්‍යානුකූලව සහ ඒකාකාරීව, සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස සිදු කිරීම.

6️⃣ නව කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ජාන පරීක්ෂණ විද්‍යානුකූලව සහ ඒකාකාරීව සිදු කිරීම මඟින් දරුණු විය හැකි නව ප්‍රභේද මුල සිටම හදුනාගෙන එය පැතිරීම වැලැක්වීමට අවශ්‍ය උපාය මාර්ග ගැනීම.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles