දෛනිකව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් වැඩිවීම යළි පෙන්නුම් කරනවා.
යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ දිනයේ ද 1,900 කට අධික කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුවූ බවයි.
කඩිනමින් එන්නතක් ලබා ගැනීමේ වැදගත්කම ද යුද්ධ හමුදාපතිවරයා මෙහිදී පැහැදිළි කළා.
මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් මෙලෙස 1,900 සීමාව ඉක්මවා ගියේ සති 06 කට පමණ පසුවයි.