කොරෝනා බෝ කළ Xi Jinping යනු ලෝකය විනාශ කළ මිනීමරුවෙක් – ට්‍රම්ප්ගෙන් චෝදනාවක්

0
300

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් ‘මිනීමරුවෙක්’ ලෙස හඳුන්වනු ලැබු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරයි. Fox News හි Maria Bartiromo වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේය.

‘Xi Jinping යනු ලෝකය විනාශ කළ මිනීමරුවෙක්. කොරොනා වලට කලින් අපි අතර හොඳ මිත්‍රත්වයක් තිබුනා නමුත් දැන් ඇත්ත දැනගත්තා ෂී ජින්පිං සහ මගේ මිත්‍රත්වය කොරෝනා වසංගතය ආපසුව හමාර වුණා.කොරෝනා වෛරසය චීනයේ රසායනාගාරයක් තුළ සකස් කර, චීන නිලධාරීන්ගේ නියෝග මත එය ලොවට ව්‍යාප්ත කළා.

සම්මුඛ සාකච්ඡාව අතරතුර, ට්‍රම්ප් වත්මන් ජනපති ජෝ බයිඩන් චීන ජනපතිට බය බවද දන්වා සිටියේය.

එක්සත් ජනපදය සහ චීනය අතර ආතතීන් ආරම්භ වූයේ 2016 දී ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව බවකී ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවේ සිටියදී බොහෝ වාරයක් තමා චීනය සම්බන්ධයෙන් කළ තියුණු ප්‍රකාශ වෙළඳ යුද්ධයට හේතුවූ අයුරු පැහැදිලි කළේය.

‘ජෝ බයිඩෙන් හාස්‍ය ජනක නායකයෙක්.. ඔහු චීන ජනාධිපතිවරයාට බියයි. කොරෝනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමට ඔහු තම නිලධාරීන්ට බල නොකළේ මේ නිසායි. ‘

ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා කළේ බයිඩෙන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ වගකීම භාර ගැනීමට තවමත් සුදුසු නැති බවයි.
(ෆොක්ස් නිවුස් ඇසුරිනි – Gossiplankanews.com)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here