Saturday, January 11, 2025

කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමක් ගැන වෛද්‍ය සංගමය පෙන්වා දෙයි

පොදු ප්‍රවාහනයේ මගීන් සීමාව ඉක්මවා රැගෙන යාම හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

එසේම ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 566ක් සහ මරණ 17ක් ද වාර්තා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ගෙවුණු දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 17ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,760 දක්වා ඉහළ ගියා.

කොරෝනා ආසාදිතයින් 566ක් ද ඊයේ දිනයේ වාර්තා වූ අතර, මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව දැක්වුණේ පන්ලක්ෂ 41,639ක් ලෙසටයි.

මේ අතර, කොරෝනා ආසාදිතයින් 500 ඉක්මවා දෛනිකව වාර්තා වන බැවින්, සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් වසංගත තත්ත්වය යළි ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ දිගින් දිගටම අනතුරු ඇගවීම් සිදු කරනවා.

කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කියා සිටියේ, ගොවීන් ඇතුළු ඇතැම් පාර්ශ්ව සිදු කරන විරෝධතා හරහා කොරෝනා වෛරසය යළි ව්‍යාප්ත විය හැකි බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles