කොවිඩ් සුවවුනත් මේ ගැන අවධානයෙන් ඉන්න !

0
639

කොවිඩ් ආසාදනය වී සුව වූ පසුත් විවිධ අපහසුතා පවතින අය වෙනුවෙන් රජයේ රෝහල්වල පශ්චාත් කොවිඩ් සායන ආරම්භ කර ඇතැයි හෝමාගම සහ අවිස්සාවේල්ල රෝහල්වල ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාර ගලබඩ මහතා පැවසීය.

කොවිඩ් ආසාදනය වී රෝග ලක්ෂණ ඇතිවන අයගෙන් සියයට 5 ත් 10 ත් අතර ප්‍රමාණයකගේ පෙනහලුවලට ස්ථිර හානි සිදුවී තිබිය හැකි බව කී වෛද්‍යවරයා එවැනි අය ප්‍රතිකාරවලට යොමුවිය යුතු බව ද සඳහන් කළේය.

රෝගය සුව වූ පසුත් බොහෝ දෙනෙකුට සති කිහිපයක් ගත වන තුරු හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, හිසරදය, පපුවේ සහ ඇඟපත වේදනාව, කැස්ස, නින්ද නොයාම, මතකය අඩුබව ආදී රෝග ලක්ෂණ පවතින බව වෛද්‍යවරයා කීවේය.

එම ලක්ෂණ රෝගය සුවවී සති දෙකකට වඩා පවතින්නේ නම් රෝහල්වල ශ්වසන රෝග සායන ආශ්‍රිතව හා දිස්ත්‍රික් ලය චිකිත්සාගාරවල ආරම්භ කර ඇති පශ්චාත් කොවිඩ් සායනයකට හෝ කායික රෝග සායනයකට යොමු වීම සුදුසු බවද ඔහු පැවසීය.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here