කොව්ඩ් මර්දනයට අමාත්‍යාංශ මට්ටමින් කමිටු පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් උපදෙස්

0
288

කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ අමාත්‍යාංශ මට්ටමින් සෑම අමාත්‍යාංශයක්ම ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (17) සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කළේය.

අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී Zoom තාක්ෂණය ඔස්සේ සියලුම කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් සඳහා මෙම දැනුවත් කිරීම කෙරිණි. ඒ අනුව සෑම අමාත්‍යෘංශයකම කොවිඩ් මර්දන කමිටු පිහිටුවීමට මෙහිදී යෝජනා විය. ඒ සඳහා එක් ප්‍රධාන නිලධාරියෙකු යටතේ ආයතනික මට්ටමින් වන කමිටුවක් පිහිටුවීමට යෝජනා විය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

News.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here