Friday, September 20, 2024

කොව්ඩ් සමග මතුවෙන සමේ රෝග ගැන වෛද්‍ය මතය

කොවිඩ් සමඟ ඇතිවන චර්ම රෝග සංකුලතාවන් ගැන සමාජයේ බොහෝ කතා පැතිරෙමින් තිබේ. ඒ අනුව ආසාදිතයින් 400ක් යොදා ගෙන මේවන විට මේ පිළිබඳව ලංකාවේ පරීක්ෂණ සිදුකර ඇත.

ඒ අනුව සෞක්‍ය අංශ පවසන්නේ වෙනත් රටවල් වලට සාපේක්ෂව මෙරට කොවිඩ් සමඟ සමේ හට ගන්නා සංකුලතා අඩු බවය. එමෙන්ම අද බොහෝ දෙනෙක් නිවෙස් නිරෝධායනේ සිටින බැවින් ස්නානය කිරීම යෝග්‍ය නොවන බව පැවසුනත් සෞක්‍ය අංශ පවසන්නේ ස්නානය යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග වෛද්‍ය ජානක අකරවිට මහතා පැවසුවේය.

එමඟින් සමේ විෂබීජ ඉවත් වන බවද ඔවුන් පේනවා දෙයි. සමහර විට දීර්ඝ කාලීනව සැනිටයිසර් භාවිතය තුලත් සමේ වෙනස්කම් ඇතිවිය හැකි බවත් මෙවැනි කරුණු බොහොමයක් නිසා චර්ම රෝග ඇති විය හැකි බවත් ඔහු පැවසුවේය.

කොවිඩ් ආසාදනයෙන් සමහර විට හට ගන්නා බිබිලි ගැටිති මෙන්ම හිස කෙස් ගැලවී යාම ආදිය දීර්ඝ කාලින ගැටළු නොවන බවත් වෛද්‍යවරුන් පවසයි.
කෙසේවෙතත් කිසියම් ගැටළුවක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවද ඔවුන් අවධාරණය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles