Friday, January 24, 2025

කොවිඞ් එන්නත ගැන බොරු බලාපොරොත්තු දෙන්න එපා… රනිල් රජයට කියයි

රටේ පවතින කොවිඞ් වසංගතය මර්දනය කිරීමට රජයට තවමත් නිසි වැඩපිළිවෙළක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (21දා) පැවැසීය.
 
 කොවිඞ් එන්නතක් ජනවාරි මාසයේ හෝ පෙබරවාරි මාසයේ එන බව මාධ්‍යයෙන් ප‍්‍රකාශ කළත් කොයි රටෙන් ගෙන එනවා දැයි රජය පැහැදිලි ප‍්‍රකාශයක් නොකරන නිසා රජයට නිසි සැලැස්මක් නැති බව පෙනී යන බවද රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය. හෙතෙම එසේ පැවැසුවේ එක්සත් ජාතික පක්‍ෂයේ නව නිලධාරී මණ්ඩලය වැඩ භාරගැනීම නිමිත්තෙන් ඊයේ (21දා) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් ඒ මහතා මසේද කීය.
 
 කොවිඞ් ලෝකයෙන් අවසන් කරන්න වසර තුනක්, හතරක් පමණ යන බවට ප‍්‍රකාශ වෙනවා. කොවිඞ් එන්නත පිළිබඳව හැම කෙනාටම බලාපොරොත්තු දෙන්න එපා. බොරු බලාපොරොත්තු ඇති කරන්නෙ නැතිව එහි වගකීම සෞඛ්‍ය බලධාරීන්ට භාරදෙන්න.
 
 රටේ ජනතාව මුලා කරන්න එපා. එන්නතක් ගන්න කා සමගද කතා කරලා තියෙන්නේ? කා සමගද ගිවිසුම් අත්සන් කරල තියෙන්නේ? මාධ්‍යයෙන් අහන්නෙත් නැහැ. මට බැන්නත් කමක් නැහැ. ජනතාව වෙනුවෙන් මම කතා කරනවා. කොවිඞ් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය කළ ප‍්‍රකාශ සත්‍ය බව පෙනීගොස් තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles