කොවිඩ් අවදානම පහව ගිහින් නැහැ – මහාචාර්ය චන්න ජයසුමන

0
275

ආසාදිතයන් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බැවින් කොවිඩ් අවධානම පහව ගොස් ඇති බවට වැරදි අදහස් ඇති කර නොගන්නැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඒ අනුව මේ වන විට ජනතාව ආගමික සිද්ධස්ථාන හා මංගල උත්සව හා අවමංගල උත්සව සඳහා විශාල ලෙස ඒකරාශී වෙමින් සිටන බවත් එය නරක පූර්වාදර්ශයක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ආසාදිතයන් හා මරණ අඩු වූ පමණින් අවධානම පහව ගොස් නැති බවත් වෛරසය ඕනෑම මොහොතක වෙනස් වීමේ හැකියාව පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here