කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

0
691
Coronavirus covid-19 test results made in chalk on blackboard

කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 94 දෙනෙකු ද, කොහුවල 15ක්, කොලොන්නාව 14ක් සහ පිළියන්දල 10ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 209 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් ආසාදිතයින් 25ක් දිවුලපිටියෙන් ද, බියගම 16ක්, කඩවත 15ක්, කටුනායක 14ක්, කිරිබත්ගොඩ 12ක්, කැලණිය සහ මීරිගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 11 දෙනා බැගින් ද වාර්තා වී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 172 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කුරුණෑගල 42ක්, පන්නල 37ක්, කුලියාපිටිය සහ පොතුහැර යන ප්‍රදේශවලින් ආසාදිතයින් 14 දෙනා බැගින් වාර්තා වී ඇත.

මේ අතර මාතලේ දිස්ත්‍රික්කයෙන් ද පළමු වරට කොවිඩ් ආසාදිතයින් 100 ඉක්මවා ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ සමස්ත ආසාදිතයින් ගණන 119ක් වනවා. දඹුල්ලෙන් 41ක්, මාතලේ 35ක්, ඔවිලිකන්ද 14ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 133 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 61ක්, දොඩංගොඩ 20ක්, මොරගහහේන 19ක් සහ හොරණින් ආසාදිතයින් 11ක් වාර්තා වී ඇත.

මිට අමතරව මහනුවර 86ක්, ගාල්ල 38ක්, යාපනය 10ක්, කෑගල්ල 49ක්, පුත්තලම 34ක්, අනුරාධපුර 24, ත්‍රිකුණාමලය 47, මොණරාගල 58, මාතර 16, පොලොන්න්නරුව 14, අම්පාර 19ක්, බදුල්ල 47ක්, නුවරඑළිය 54ක්, රත්නපුර 44ක්, වව්නියාව 04, මඩකලපුව 15, හම්බන්තොට 28ක්, කිලිනොච්චිය 03ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here