කොවිඩ් ආසාදිත තවත් සත්ව වර්ගයක්

0
339

ලොව ප්‍රථම වරට කොවිඩ් වෛරසය මුවන් තුළ ආසාදනය වූ බවට අමෙරිකාව තහවුරු කර තිබෙනවා.

ඔහියෝ ප්‍රාන්තයේ වනයක් තුළ සුදු වලිග ඇති මුවකුට වෛරසය ආසාදනය වී තිබෙන අතර මෙම මුවන්ට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි තවමත් අනාවරණය වී නැහැ.

මේ අනුව කොවිඩ් ආසාදනය වන සතුන්ගේ ලැයිස්තුව තව දුරටත් ඉහළ යනවා.

බල්ලන්, බළලුන්, කොටින්, සිංහයන්, හිම දිවියන්, දිය බල්ලන්, ගෝරිල්ලන් ආදී සතුන් තුළ COVID-19 පැවැති බවට මීට පෙර තහවුරු කර තිබෙනවා.

(Colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here