කොවිඩ් එන්නත්කරණයේ ගැටලුකාරී තත්ත්වයක් මතුවූ බව රාජ්‍ය ඇමතිනිය පිළිගනී

0
465

ඇතැම් පාර්ශ්ව විසින් ගන්නා ලද තීරණ හේතුවෙන් කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වූ බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබාදීම සඳහා මේ වනවිට තීරණය කර ඇති බවය.

කෙසේවෙතත් පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා පවසන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ ඇතැම් පිරිස් සඳහා කොවිඩ් එන්නත ලබාදීම සිදු කරන බවය.

මේ අතර ඉදිරියේදී ලැබෙන එන්නත් මාත්‍රාවන් ද අවදානම් කලාපවල ජනතාව ඉලක්ක කරගනිමින් ලබාදෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here