කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අප්‍රේල් 19වන දා සිට

0
695
Healthcare cure concept with a hand in blue medical gloves holding Coronavirus, Covid 19 virus, vaccine vial

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  අද ( 05 ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

විශේෂයෙන් මේ වනවිටත් දෙවන මාත්‍රාවට අදාළ එන්නත් 300,000ක පමණ තොගයක් වෙන්කොට ඇති බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

එම එන්නත් ප්‍රමාණය අප්‍රෙල් 19 සිට ජුනි 30 දක්වා ලබාදීමට කටයුතු කරන බවත් ඒ අතරතුර දෙවන මාත්‍රාවට අදාළ ඉතිරි එන්නත් තොගය ලබාදීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here