Friday, January 24, 2025

කොවිඩ් එන්නත නොමිලේ – විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

රජය විසින් නොමිලයේ ප්‍රතිශක්ති එන්නත් දෙනවා සේම කොවිඩ් එන්නත ද ජනතාවට නොමිලයේ දීමට රජය කටයුතු කරන බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මේ සතිය ඇතුළත ලංකාවට හිමි වනු ඇති බව ප්‍රකාශ කළ රාජ්‍ය ඇමැතිවරිය එන්නත් ලැබුණු වහාම එන්නත්කරණය ආරම්භ කිරීම සඳහා කටයුතු සූදානම් කරන බවත් ඒ සඳහා වූ පෙරහුරු වැඩසටහන් පසුගිය සතියේ ක්‍රියාත්මක කළ බවත් සඳහන් කළාය.

මාත්‍රා ලක්ෂ 6කට ආසන්න එන්නත් ප්‍රමාණය මෙම ලංකාවට ලැබෙනු ඇති බව ද ඇය කීවාය. කොවිඩ් මර්දන මෙහෙයුම්වල ඉදිරිපෙළ කටයුතු කරන පිරිසට පළමුව එන්නත් ලබාදෙන බවත්, පළවෙනි වටයේ එන්නත්කරණයෙන් පසු සති 3කින් දෙවන මාත්‍රාව එන්නත් කිරීමට කටයුතු කරන බවත් ඇය ප්‍රකාශ කළාය.

ඇය මේ අදහස් පළ කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. කොවැක්ස් පහසුකම හරහා 20%ක එන්නත් ප්‍රමාණයක් නොමිලේ ලැබීමට නියමිත බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles