කොවිඩ් එන්නත ලංකාවට නොමිලේ!

0
810
Healthcare cure concept with a hand in blue medical gloves holding Coronavirus, Covid 19 virus, vaccine vial

කොවිඩ් 19 වයිරස පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත උදා වූ නව වසරේ මුල් භාගයේදී මෙරට ජනගහනයෙන් 20%කට දෙන බවට එම සංවිධානය සහතික කළේ යැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍යයට ඊයේ (01) පැවසුවේය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන මේ එන්නත හඳුනා ගත් පිරිසක් වෙනුවෙන් දීමට නියමිත බවද ඔහු කීය.

මෙරට ජනගහනය මිලියනයකට පුද්ගලයන් 1,786ක් කොවිඩ් – 19 වයිරසයට ගොදුරු වී ඇත්තේ යැයිද ඔහු පැවසුවේය.

ලැබුවා වූ නව වසරේ කොරෝනා ආසාදිතයන් අවම කර ගැනීම සඳහා නිසි අයුරින් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට සියලු ජනතාව සිතට ගත යුතු බවත් එමඟින් වයිරසයේ ව්‍යාප්තිය තවදුරටත් වළක්වා ගැනීමට හැකි වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here