Sunday, January 12, 2025

කොවිඩ් එන්නත ලබා ගත්තද 49දෙනෙකු මිය යයි – හේතුව මෙන්න

කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයින් 49දෙනකු කොවිඩ් ආසාදනය වී මේ වන විට මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් නවදෙනකු හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් 40දෙනකු මෙලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කරනවා.

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මියගිය පුද්ගලයින් නවදෙනාගේ වෙනත් සංකූලතාද මරණයට හේතු වී ඇති බව මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අතරින් ප්‍රධානම හේතුව නම් බෝ නොවන රෝගයක් ලෙස හඳුනාගෙන ඇති “දියවැඩියා” රෝගයයි.

කොවිඩ් මරණ සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේදී මිය ගිය පුද්ගලයින්ගෙන් 3,524 ක් එන්නත ලබා නොගෙන සිටි බව අනාවරණය වී තිබේ.

මරණ වලින් 70%ක ප්‍රතිශතයක් ලෙස එය හඳුනාගෙන ඇති අතර කඩිනමින් එන්නත්කරණය, මරණ වළක්වා ගැනීමට ඇති එකම විසඳුම බවද ඔහු අවධාරණය කර සිටියේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles