කොවිඩ් තවමත් සමාජ ව්‍යාප්තියක් නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‍

0
913

වසංගතවේද විද්‍යානුකූලව මෙරට තුළ කොවිඩ් -19 වසංගත තත්ත්වය සමාජ ව්‍යාප්තියක් දක්වා මෙතෙක් වර්ධනය වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‍ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ආසාදිතයින් බහුලව වාර්තා වු බස්නාහිර පළාතේ වෛරස ව්‍යාප්තියේ පාලනයක් මේ වනවිට සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

අද පෙරවරුවේ මහනුවරට පැමිණි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

“කොවිඩ් රෝගීන් වැඩිපුරම වාර්තා වුණේ බස්නාහිර පළාතෙන්.  දැන් එම තත්ත්වය අඩුවෙලා තියෙනවා. රට අභ්‍යන්තරයේ යම් යම් ස්ථානවලට ව්‍යාප්ත වෙලා තිබුණත් ඒවත් අපි හඳුනාගත්ත තැන්වලින් තමයි එන්නේ. සමාජගතවීමක් කියන එක තාම අපි කියන්නේ නෑ. සමාජ පැතිරීමක් කියන්න වසංගතවේද විද්‍යානුකුලව කරන පරීක්ෂණවල සියයට ගණනක් පොසිටිව් තත්ත්වයන් එන්න ඕනේ. ඒ සීමාවට තාම අපි ඇවිත් නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here