කොවිඩ් දත්තවල වැරදි ඉක්මනින් නිවැරදි කරනවා

0
320

කොවිඩ් ආසාධිතයින් සහ මරණ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නිකුත් කර ඇති සංඛ්‍යා දත්ත වල යම් ගැටලුවක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේත් / නැගෙනහිර සහ ඌව පළාතේ ඇතැම් දිස්ත්‍රික්ක වලත් කෙරෝනා සංඛ්‍යා දත්ත වල යම් පරස්පරතා පවතින බවට හදුනාගෙන ඇති බවද ඔහු සදහන් කලා.

ඒවා හැකි ඉක්මණින් යථා තත්වයට පත්කරමින් නිවැරැදි සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here