Saturday, September 21, 2024

කොවිඩ් නාමයෙන් ප්‍රකාශනයේ අයිතියට සීමා පැනවේ..

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මහජනතාව මුලා කරවන පිරිස් සොයා විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට භාරදී තිබේ.

ඒ අනුව එම විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ එවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මහජනතාව විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන බවට පෙනී ගොස් ඇති බවය.

“මේ දිනවල අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලවල පළවන විවිධ අසත්‍ය පුවත් හේතුවෙන් මහජනතාව විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන බවට පෙනී ගොස් තිබේ. මේ නිසා ජනතාවගේ එදිනෙදා කටයුතු අඩාලවීමක් දක්නට ලැබෙනවා. මේ නිසා කොවිඩ් පාලනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට විවිධ බලපෑම් එල්ල වී තිබෙනවා. එවැනි කරුණු සහ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත් එවැනි පුවත් නිර්මාණය කරන, බෙදාහරින පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් පොලීසිය පියවර ගෙන තිබෙනවා.”

යම් අයෙකු අසත්‍ය පුවත් පළ කරමින් ජනතාව කලබලයට පත් කරන්නේ නම් එය පොලිස් ආඥා පනතේ 98 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles