Monday, December 23, 2024

කොවිඩ් නිසා බැටකන කෑගල්ල මහ රෝහල

කෑගල්ල මහ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාවන් 12 දෙනෙකු, පවිත්‍රතා අංශයේ සේවිකාවන් 6 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

ඒ බව එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය තහවුරු කළාය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ පවතින තත්ත්වය යටතේ වුව ද රෝහලේ රෝගී සත්කාරක සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවය.

මේ අතර, හිනිදුම, තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුට කොවිඩ් -19  වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වේ.

මේ හේතුවෙන් එම කාර්යාලයේ සෙසු කාර්යමණ්ඩලය PCRපරීක්ෂණ සඳහා යොමුකිරීමට පියවරගෙන ඇති අතර ඔවුන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

මේ දක්වා තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 45 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ada derana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles