කොවිඩ් මරණ අනුව ශ්‍රී ලංකාව ලෝකයෙන් 14 වැනි තැනට

0
330

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා කිරීමට අනුව ශ්‍රී ලංකාව ලොව වැඩිම මරණ රටවල් අතරින් 14 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

worldometers වෙබ් අඩවිය වාර්තා කළේ ඊයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ 167 ත් සමඟ ආසියායේ 9 වැනි ස්ථානය දක්වා ලංකාව ඉදිරියට පැමිණ ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 6263කි.

ලොව මේ වන විට වැඩිම කොවිඩ් මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 638,798කි.

ඇමෙරිකාවට පසුව වැඩිම මරණ බ්‍රසීලයෙන් වාර්තා වේ.

එම සංඛ්‍යාව 569,581කි.

ඉන්දියාවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 432,112ක් වන අතර, ඔවුන් කොවිඩ් මරණ ලැයිස්තුවේ තෙවන ස්ථානයේ පසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here