Wednesday, December 25, 2024

කොවිඩ් රැස්වීමේ අවසන් තීරණ

අද දින රැස් වූ කොවිඩ් පිටුදැකීමේ කමිටුවේ රැස්වීමේදී කොවිඩ් -19 වෛරසය ආසාදනය වන පුද්ගලයින් ඔවුන් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට සහ අතරමැදි මධ්‍යස්ථානවලට යොමු කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

එහිදී ගත් තවත් තීරණ කිහිපයක්:*දැනට සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ඉදිකරමින් යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමටත්, වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් ලබාදීම.

*වැඩිපුර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට කාර්ය මණ්ඩල යොමුකිරීම.

*දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් තොග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීම.

*කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට සිදු කරන පී.සී.ආර් පරීක්ෂණවලට සමගාමීව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි වශයෙන් ක්ෂේත්‍රයේ දී සිදුකිරීම.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles