Saturday, September 21, 2024

කොවිඩ් රෝගීන්ට දෙන මොල්නුපිරවීර් ඖෂධය මෙරට භාවිතයට අවශ්‍ය නිර්දේශ ඉදිරි සතියේ

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර සඳහා යොදා ගත හැකි අමෙරිකාවේ නිෂ්පාදිත ‘මොල්නුපිරවීර්’ (Molnupiravir) ඖෂධය ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරියේ සතියේ ලැබෙනු ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය සඳහා මේ ඖෂධය ඉදිරිපත් කළද මෙතෙක් අනුමැතිය ලැබී නැතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ ඖෂධය සඳහා අනුමැතිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබා ගැනීමට ඔක්තෝබර් 11 දා ලිඛිත දැනුම් දීමක් කර ඇති බවත් අමෙරිකානු මර්ක් සමාගමේ නිෂ්පාදනයක් වන මේ ඖෂධය සම්බන්ධයෙන් නිර්දේශය ඉතා ඉක්මණින් ලැබෙනු ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

මේ ඖෂධය ශ්‍රී ලංකාව තුළ භාවිතයට ගත යුතුද, එසේ නම් ඒ කවර දිනකද, කුමන ඖෂධ ප්‍රමාණයක් ගෙනා යුතුද යනාදිය සම්බන්ධයෙන් විමසමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 රෝගය පිළිබඳ විශේෂඥ කමිටුවේ මතය කඩිනමින් ලබා දෙන ලෙස නැවතත් ඉල්ලීමක් කළ බව ඇමැතිවරයා කීය.

Colombo Gurdian – සිංහල

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles