Wednesday, December 25, 2024

කොවිඩ් හැදුනු සැමට සුව කළ නොහැකි ලෙඩක්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ විට අග්න්‍යාසයේ සෛල ක්‍රියාකාරිත්වයේ පරිවර්තනයක් සිදු වන බවට මෑත කාලීන අධ්‍යයන කිහිපයකින් පර්යේෂකයින් විසින් හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොවිඩ් ආසාදනය වීමෙන් පසු සෛල වල ක්‍රියාකාරිත්වය අඩපණ කරනවා මෙන්ම ඒවායෙහි ක්‍රියාකාරීත්වය වෙනස් කළ හැකි බව පර්යේෂකයින් විසින් තහවුරු කර ඇති බව සඳහන්.

අග්‍න්‍යාසයේ ඉන්සියුලින් නිපදවන බීටා සෛල මෙම වෛරසයට ගොදුරු වූ විට ඒවායෙහි ඉන් පෙරට වඩා අඩුවෙන් ඉන්සියුලින් නිපදවන බව හඳුනාගෙන තිබෙන බව පර්යේෂකයින් පවසනවා.

ඊට අමතරව ඒ සම්බන්ධයෙන් පර්යේෂකයින් හඳුනාගෙන ඇති තවත් කරුණක් වන්නේ අග්න්‍යාසයේ එම සෛල වලට අයත් කාර්යයක් නොවන ග්ලූකෝස් සහ ආහාර ජීර්ණ එන්සයිම නිපදවීම ද සිදුවන බවයි.

මෙය සෛල වල ඉරණමේ වෙනසක් ලෙස මේ සම්බන්ධ පර්යේෂණයේ නායකත්වය දරන ආචාර්ය ෂූයිබිංග් චෙන් හඳුන්වා දී තිබෙනවා.

කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූවන්ට ටික කලකින් දියවැඩියා රෝගය වැළඳී ඇති බව ද ආචාර්යය චෙන් පෙන්වා දෙනවා.

එම නිසා අලුතින් ඇති වන දියවැඩියා රෝගීන්ගේ අනුපාතය විමර්ශනය කිරීම නිසැකව සිදු විය යුතු බව චෙන් පවසනවා.

මේ වන විට ආචාර්යය චෙන් ඇතුළු කණ්ඩායම පෙනහලු, අක්මාව, බඩවැල් සහ ස්නායු පද්ධතිය ආදී කුඩා අවයව සෑදීමට මූලික ⁣සෛල පොකුරු සම්බන්ධයෙන් කොවිඩ් වෛරසයෙහි ක්‍රියාකාරීත්වය අත්හදාබැලීම් සිදු කරනු ලබනවා.

එම පර්යේෂණවලදී පෙනහලු පටක වලද සෛල ඉරණම හෙවත් ක්‍රියාකාරිත්වය නැතිවීම සිදුවිය හැකි බවට ආචාර්ය චෙන් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles