Saturday, January 11, 2025

කොවිඩි නිසා මෙරට වැඩිහිටි ජනයාගෙන් සියයට 50 කගේ ජීවිත අවදානමි තත්ත්වයක

කොවිඩ් වයිරසයේ වැඩිම බලපෑමකට ලක් වන වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් සියයට 50 ක් බූස්ටර් එන්නත නොගැනීම නිසා මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 50 ක් ජීවිත අවදානමකට ලක්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙරට ජනගහනයෙන් මිලියන 2.7 ක් වැඩිහිටි ජනගනහනය බවත් ඉන් මිලියන 1.3 ක් පමණක් බූස්ටර් එන්නත ගෙන ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

ජනගහනය එන්නත්කරණයෙන් සන්නද්ධ වූ විට කුමන කොවිඩ් වයිරස් ප්‍රභේද පැමිණියත් ඒවාට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය ජනතාව තුළ ගොඩනැගෙන බවත් මේ වන විට මිලියන 5.5ක ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මධ්‍යම ඖෂධ ගබඩාව සතුව පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

දෛනිකව සිදු වන මරණවලින් සියයට 80ක් වැඩිහිටි ජනගහනය යැයි ද, එම මරණ සංඛ්‍යාව තවදුරටත් අවම කර ගැනීමට වැඩිහිටි ජනතාව එන්නත්කරණය වෙත යොමු විය යුතු බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ වන විට රට පුරා වැඩි වශයෙන් ව්‍යාප්තව පවතිනුයේ ඩෙල්ටා වයිරසය යැයි ද, බොහෝ කාලයක් සිදු කළ කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දිනකට වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 600 ක් දක්වා අවම කර ගෙන ඇතැයි ද වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා.

මෙරට සමස්ත ජනගහයෙන් සියයට 85ක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles