කොවිඩි මරණ ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගෙන් විශේෂ හෙළිදරව්වක්

0
315

ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ ආසාදිතව මරණයට පත්වූ පුද්ගලයන්ගෙන් 5,340 න් 5,000 කට අධික සංඛ්‍යාවක් කිසිඳු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඉන් පුද්ගලයන්ගෙන් 177 දෙනකු පමණක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබෙන බවත් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් 23 දෙනකු ද මරණයට පත්වූ අය අතර සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කළා.

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබියදී මරණයට පත්වූ පුද්ගලයන්ට වෙනත් රෝගයක් හෝ කීපයක් තිබූ බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.

රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව හෙළිකළා. (colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here