Thursday, January 23, 2025

කොවිෂීල්ඞ් එන්නත් මාත‍්‍රා දෙකෝටි අසූලක්ෂයක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

කොරෝනා වෛරසයට එරෙහි කොවිෂීල්ඞ් එන්නත් මාත‍්‍රා දෙකෝටි අසූලක්ෂයක් (මිලියන 28ක්* මෙරටට ගෙන්වීම ස`දහා කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප‍්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.
 
 මෙරට ජනතාවගෙන් එක්කෝටි හතලිස් ලක්ෂයකට (මිලියන 14 කට* එන්නත ලබාදීමේ අරමුණින් වැඩබලන සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙරේදා (22දා* රැුස්වූ කැබිනට් මණ්ඩල රැුස්වීමට ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිව ඇත.
 
 මේ අනුව අදාළ එන්නත් මාත‍්‍රා තොගයෙන් පළමු අදියර ලෙස මාත‍්‍රා කෝටියක් ඉන්දියාවේ සීරම් සමාගමෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ලබා ගැනීමට නියමිතය. ඒ සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 52.5 ක් බවද ඇමැතිවරයා පැවසීය. ඊට අමතරව තවත් එන්නත් ලක්ෂ 35ක් (මිලියන 3.5ක්* එංගලන්තයේ ඇස්ට‍්‍රා සෙනිකා
 
 සමාගමෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම`ග ඇති කර ගන්නා ගිවිසුමකට අනුව සෘජුවම මිලදී ගනු ලබන බවද ඇමැතිවරයා ස`දහන් කළේය. ඉදිරියේදී මෙරට අත්‍යවශ්‍යම පිරිසට අවශ්‍ය එන්නත් ලබාදීමට මේ අනුව රජය කටයුතු කරනු ලබන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
 
 කැබිනට් තීරණ දැනුම්දීම ස`දහා ඊයේ (23 දා* මාර්ගගත ක‍්‍රමයට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles