Thursday, January 23, 2025

කොස්ගම විනාශ වූ නිවාස වෙනුවට තාවකාලික කූඩාරම්..

 

කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ සිදුවූ පිපුරුම හේතුවෙන් අර්ධ හා පූර්ණ වශයෙන් හානි සිදුවූ නිවාස ඉදිකර දෙන තෙක් එම ජනතාවගේ   තාවකාලිකව පදිංචිය සඳහා කූඩාරම් ඉදිකිරීම අද ආරම්භ කර ති‍බේ.

යුධ හමුදාව විසින් ඊට අදාළ කටයුතු සිදුකරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.

මේ අතර සාලාව යුධ හමුදා කඳවුරේ පිපුරුමෙන් විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරන බව බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා  පැවසීය.

විශාල ප්‍රදේශයක් තුළ විසිරී පවතින පුපුරණද්‍රව්‍ය කොටස් ඉවත් කිරීම ඉතා සුපරික්ෂාකාරීව සිදුකළ යුතු බැවින් ඒ සඳහා ඉංජිනේරු බලකා සෙබළුන් යොදවා ඇති බව හමුදා ප්‍රකාශකවරයා පැවසුවේය.

පාබල හා අනෙකුත් සේවා බට පිරිස් ප්‍රදේශයේ සුන්බුන් ඉවත් කිරීමට හා ආරක්ෂාවට යොදවා ඇති අතර හමුදාපතිවරයාගේ උපදෙස් මත එම කටයුතු කඩිනම් කිරීමට අතිරේක හමුදා බට පිරිස් ද ප්‍රදේශයට කැඳවා ඇති බව සඳහන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles