කොස්ගම සාලාව නිවාස 492ක් යළි යථාතත්වයට

0
659

කොස්ගම, සාලාව යුධ හමුදා කඳවුරේ අවිගබඩාව පිපිරීමෙන් හානියට පත් නිවාස 492ක් ප්‍රතිසංස්කරණය කර ජනතාවට භාරදී ඇති බවත් තවත් නිවාස 57ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බවත් යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.

එමෙන්ම තවදුරටත් පානිය ජල ළිං පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන අතර නාවික හමුදාවේ සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව පානීය ජල ළිං 1581ක් පිරිසිදු කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here