Monday, October 7, 2024

කොස්ගොඩ හෝටලය මගින් දැවැන්ත පරිසර හානියක්. බලධාරී නිහඬ වීම පුදුමයක්

කොස්ගොඩ බීච් රිසෝල්ට් හෝටලය මගින් එහි වෙරළ තීරය සඳහා දැවැන්ත පරිසර හානියක් සිදු කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.

හෝටලය මගින් බැහැර කරන අපවිත්‍ර එහි වෙරළ තීරය වෙත මුදා හැරෙන අතර එහි අවිධිමත් ඉදිකිරීම් නිසා එම වෙරළ තීරය දැවැන්ත ලෙස ඛාදනයට ද ලක් වී ඇත.

මේ නිසා වෙරළ තීරයේ තිබූ පොල් ගස් සියල්ලද මුහුදට ගසා ගෙන ගොස් ඇති අතර එම වෙරළ විශාල ලෙස අපවිත්‍ර වී ඇති බව ප්‍රදේශ වාසීහු පෙන්වා දෙති.

මේ පිළිබඳව මාධ්‍යම පරිසර අධිකාරිය වෙතද පැමිණිලි කර ඇති අතර ඔවුන් මේ වන විට නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම විමතියට හේතු වී තිබේ.

කොස්ගොඩ බීච් රිසෝල්ට් හෝටලයේ හිමිකරු පෙරෝ ඩයස් මහතා වන අතර ඔහු ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ අනුග්‍රහය ඇතිව ඉදි කරන අවිධිමත් ඉදිකිරීම් මේ තත්ත්වයට හේතු වී ඇති අතර බලධාරීන් නිහඬ වී ඇත්තේ එම පසුබිම තුළය.

 

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles