කොහේවත් ගෑස් වත්,ගෑස් ටැංකි වත් පිපිරෙන්නේ නෑ
පිපිරෙන්නේ ගෑස් ලිප – තිස්සකුට්ටි අභියෝග කරයි

0
337

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් කියා සිටියේ, දිවයිනේ කිසිඳු ස්ථානයක ගෑස් ටැංකි පුපුරා යෑමක් සිදු වී නැති බව යි.

ගෑස් ලිප් හැර ගෑස් ටැංකියක් පිපිරුණු අවස්ථාවක් පෙන්වා දෙන ලෙසට ඔහු අභියෝගයක් ද ඉදිරිපත් කළා.

ඔහු අවධාරණය කරන්නේ, ගෑස් ලිපේ හෝ ගෑස් සංයුතියේ හෝ නොව ගැටලුව ඇත්තේ, ගෑස් ලිපේ බවයි.

ගෑස් සංයුතිය හා ගෑස් ටැංකි ගැන පරීක්ෂණ සිදු වන අතරවාරයේ ම, ගෑස් ලිප් ගැනත් පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව යි ඔහු අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here