කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සිට පැමිණෙන පුද්ගලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී ලබාදීම අද (07) දිනයේ දී ද සිදුවෙමින් පැවතිණ.මේ සඳහා බස්නාහිර පළාතේ ලියාපදිංචිය සහිත වාහන සිය ගණනක් පැමිණ තිබූ අතර විශාල පිරිසක් එන්නත් ලබාගැනීම සඳහා පෝළිමේ සිටියහ.එන්නත් ලබාගැනීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පොලිස් නිලධාරින් කිහිප දෙනකු ද පැමිණ සිටි අතර වැඩි පිරිසක් ව්‍යාපාරිකයෝ සහ වෛද්‍ය පවුල්වලට සම්බන්ධ ඥාතින් බව ඔවුන්ගේ කතා බහෙන් පැහැදිලි විය.පැමිණ සිටි පිරිස අතරින් බොහෝ දෙනකු කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන විට පළමු එන්නත ලබාගෙන ඇති කාඩ්පත පෙන්වා ඇතුළුවන බවයි.දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක දී පළාත් අතර මෙලෙස සුපිරි වාහන ගමන් කිරීම පිළිබඳ අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ එම පුද්ගලයන් පැමිණ ඇත්තේ මීට පෙර එන්නත් කරන ලද පත්‍රිකාව පෙන්වා දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා ගාල්ලට යන බව පවසමින් යැයි හබරාදුව පොලිස් ස්ථානයෙන් දැනුම් දුන් බවයි.
-ada
