අද (04) දිනය නිමාවන විට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 9,500 සීමාව ඉක්මවා තිබුණ අතර එය සටහන් වූයේ 9,542.33ක් ලෙසයි.
ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 9,500 සීමාව ඉක්මවා දිනයේ ගනුදෙනු අවසන් කළ පළමු අවස්ථාව මෙය වනවා.
දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.62ක් ලෙසයි.