කොළඹ කොටස් වෙළෙඳ පොළ දෙවැනි ඉහළම ආයෝජනයත් වාර්තාවේ

0
329

කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි ඉහළම ශුද්ධ විදේශ ආයෝජනය ඉකුත්දා වාර්තාවීම සතුටක් බව කොටස් වෙළෙඳ පොළ සභාපති රේ. අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

වසර 1992 දී විදේශිකයන්ට කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කිරීමට ලබාදුන් අවසරය නිසාම කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඉහළයෑම් ඇරඹිණි.

ඒ අනුව එදා මෙදාතුර දෙවැනි ඉහළම ආයෝජනය රුපියල් බිලියන 22.8ක් ඉකුත් 10 වැනිදා වාර්තා කිරීම සුබ පණිවුඩ ලබාදෙන බවද සභාපතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව නව ආයෝජනයට තෝතැන්නක් බවට පත්වන ලකුණු පහළ වෙමින් පවතියි. මේ තත්ත්වය මත ඉදිරි වසර කිහිපය තුළ රටේ ආයෝජන ඉහළ යන බවට විශ්වාසය තැබිය හැකි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here