Tuesday, January 14, 2025

කොළඹ කොටුව සහ බදුල්ල අතර රාත්‍රී දුමිරිය සේවාවක් ආරම්භ කිරීමට තීරණයක්

කොළඹ – කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කළ වේලාවට අනුරූපීව එස්.14 වර්ගයේ බලවේග කට්ටල භාවිත කරමින් නවීන පහසුකම් සහිතව මෙම රාත්‍රී දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව අද (23) දිනයේ කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන දුම්රිය රාත්‍රී 8.30ට කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිතව තිබේ.

හෙට (24)දිනයේ දී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පස්වරු 5.50ට බදුල්ලෙන් ධාවනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව පහත සදහන් විශේෂ දුම්රියන් ප්‍රධාන මාර්ගයේ ධාවනය සදහා එක් කර ඇත.

2021-12-23 දින සිට
SPL 05 රාත්‍රී 08/30 කොළඹ කොටුව – බදුල්ල සීඝ්‍රගාමී

2021-12-24 දින සිට
SPL 06 ප.ව. 05/50 බදුල්ල – කොළඹ කොටුව සීඝ්‍රගාමී

  • අධික මගී ධාරිතාවය හේතුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල දක්වා ධාවනය වන උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රිය ගමන් වාරයන් සදහා අතිරේක මැදිරි එක්කිරීමටද නියමිතව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles