කොළඹ ගෆූර් ගොඩනැගිල්ලේ ඉහළ මහලයෙන් ඇදවැටී නාවික හමුදා සෙබළෙක් මරුට

0
300

කොළඹ කොටුව බාරෝන් ජයතිලක මාවතේ ගෆූර් ගොඩනැගිල්ලේ ඉහළ මහලයෙන් ඇද වැටීමෙන් නාවික හමුදා සෙබලෙකු මියගොස් තිබේ.

ඊයේ (27) අලුයම එහි අලුත්වැඩියා කටයුතුවල නිරත වෙමින් සිටි නාවික හමුදා සෙබලෙකු මෙලෙස ගොඩනැගිල්ලෙන් ඇද වැටී ඇති බව පොලීසිය පවසයි.

බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

නාවික හමුදා ඉංජිනේරු බළකාය මගින් අදාළ ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදුකරන බව සඳහන් වේ.

අනතුරින් මියගොස් ඇත්තේ බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි නාවික හමුදා සෙබලෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here