කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයිත් ගෑස් නෑ. දර ළිපට බහී

0
538

රටපුරා පවතින උග්‍ර ගෑස් හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි ද දර ළිප් සූදානම් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රටේ පවතින ගෑස් හිඟය හේතුවෙන් රෝහලේ මුළුතැන් ගෙට ගෑස් සැපයීම කොයි මොහොතේ නතර ‍වේද යන්න නොදන්නා බැවින් දර ළිප සූදානමින් තබා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කළේය.

රෝගීන්ට ආපනශාලාවෙන් හෝ පිටත අලෙවි සලකින් හෝ ආහාර මිල දී ගැනීමට නොහැකි තත්ත්වක් උදා වී ඇති අවස්ථාවක දර ළිපක් හෝ භාවිත කර ආහාර පිස දීම ඉතාමත් වැදගත් බැවින් මෙම පියවර ගත් බව ඔහු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here