Sunday, September 22, 2024

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි 14 දෙනෙකුට කොවිඩ්

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 14 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මීට පෙර, එම මුළුතැන්ගෙයින් වාර්තා වුයේ එක් ආසාදිතයෙකු පමණි.

මේ හේතුවෙන් මුළුතැන්ගෙය විෂබීජහරණයට ලක්කර තිබෙන අතර රෝහල සඳහා අවශ්‍ය ආහාර තාවකාලිකව බාහිරින් සපයා ගැනීමට පියවර ගෙන ඇතැයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර දෙහිඕවිට හිඟුරලකන්ද මහ විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිසුන්ට නිවාඩු ලබාදීමට විදුහල් පාලනාධිකාරිය අද පියවර ගත්තේය.

ඒ, එම ශ්‍රේණියේ සිසුවෙකුගේ වැඩිමහල් සහෝදරයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙනි.

සිසුවාගේ පීසීආර් පරීක්ෂණය හෙට සිදුකිරීමට නියමත අතර එහි ප්‍රතිඵල ලැබෙනතුරු විදුහලේ 10 වන ශ්‍රේණියේ සිසුන්ට මෙලෙස නිවාඩු ලබාදී තිබේ.

අදාළ සිසුවා දින 02ක් පාසලට පැමිණ තිබූ අතර ඔහුගේ සහෝදරයා සීතාවක අපනයන සැකසුම් කලාපයේ සේවය කරන බව වාර්තා වේ.‍

මේ අතර වරකාපොළ මූලික රෝහලේ ස්ථාපිත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොවිඩ් ආසාදිතයින් එම මධ්‍යස්ථානයෙන් පළායාමේ සිදුවීම් කිහිපයක් පසුගියදා වාර්තා විය.

මේ හේතුවෙන් එම ආසාදිතයින් 21දෙනෙක් යුද හමුදාව මගින් පාලනය කෙරෙන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට සෞඛ්‍ය අංශ  පියවර ගත්හ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles